නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩි 19 වෛරසය වැළඳුණු සංචාරක මඟ පෙන්වන්නා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
මේ වන විට එම රෝගියාගේ පවුලේ අය නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
එසේම, ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
