ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂය ලබන අන්ත රාජය මෙවර මහමැතිවරණයේ දී ලබන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන සන්ධානය ආසන එකසිය පනහක් ලබමින් තුනෙන් දෙකක බලයක් සමගින් ඉදිරි අවුරුදු දහයක් ගමනක් යාමට සුදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ, නෙළුව අතුරේගෙදර ප්‍රදේශයේදී පවතී ජන හමුවක දී ය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “පක්ෂ දේශපාලනයේ වම ශක්තිමත් වෙලා දකුණ කුඩුපට්ටම් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා සජිත්ලා එළිපිට මොරදිදී රණ්ඩු වෙද්දී මේ රටේ ජනතාවට අනාගතය සුභ වෙන්න සෞභාග්‍යමත් රටක් බිහි කරන්න තුනෙන් දෙකක පෙර නිමිති අපිට දැන් පේනවා. තුනෙන් දෙකක් ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන සන්ධානයේ අපි ගන්න ලෑස්තියි.
මේ රටේ ඉදිරි අවුරුදු පහ බලය පතුරුවනවා වගේම පහෙන් නෙමෙයි දහයෙන් නිම නොවන ගමනක් යන්න ලෑස්තියි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එක්සත් ජාතික පක්ෂයට සමගි බලයට ලකුණ නෙමෙයි මුකුත් එකතු කරගන්න බැරි වෙනවා.ඡන්ද එකතු කරන්න ඉඩ ලැබෙන්නෙත් නැහැ. ඉතිහාසයේ අලියා ලබන අන්ත පරාජය මේ මැතිවරණයේදී ලබනවා.” යැයි පැවසුවා.
