බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නැඩින් ඩොරිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තමන්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවත් වෛද්‍ය උපදෙස් අනුගමය කරමින් ඇය තම නිවසේ රැඳී සිටින බවත් එංගලන්ත සෞඛ්‍ය ඇමතිනී නදීන් ඩෝරියස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ, රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයන් ගණන 06කි.
දිනකට පරීක්ෂා කිරීම් 10 000 සිදු කළ හැකි ආකාරයට සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
