Advertise with Giraya
NEWS

කටුනායක ඉඳන් රෑට හොර පාරෙන් එන අය ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අනතුරු අඟවයි

ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවන ආවේක්ෂණ ක්‍රියාවලියේ බරපතළ හිඩැස් ඇති බවට නැඟෙන චෝදනා සෞඛ්‍ය බලධාරීන්ගේ මූලික අවධානයට ලක්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව රාත්‍රි කාලයේ සිදුවන ආවේක්ෂණ ක්‍රියාවලිය මඟහරිමින් සැකකටයුතු පිරිස් රට තුළට පැමිණීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයිද මේ තත්ත්වය යටතේ කොවිඩ් 19 වසංගතය රට තුළට ඇතුළුවීමේ දැඩි අවදානමක් ඇතැයිද එම සංගමය සෞඛ්‍ය බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරයි.

ආවේක්‍ෂණ ක්‍රියාවලිය සඳහා නිලධාරීන් යොදවා තිබුණත් රාත්‍රි කාලයේ නිසි පරිදි අධීක්‍ෂණ කටයුතු සිදු නොවීම නිසා මෙසේ හොර පාරේ ඇතැමුන් පිටව යන බවට පැමිණිලි ලැබී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.

Giraya News Alerts

මෙසේ පිටව ගොස් ඇති චීනයේ සිට පැමිණි 21 දෙනෙකු බම්බලපිටියේ ස්ථානයක රැඳී සිටින බව වාර්තා වී ඇතැයි ද හෙතෙම පැවසීය.

අධි අවදානම් කලාපවල සිට ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නිවෙස්වලට නොයවා ආයතනික ව්‍යුහයක් තුළ නිරෝධායනය කළ යුතු බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා යම් හෙයකින් මේ වසංගතය රට තුළට ඇතුළුවුවහොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්දැයි වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රශ්න කරයි.

හඳුනාගනු ලබන සැක සහිත රෝගීන් වෙන්කර තැබීමේ පහසුකම් (Insolation rooms)තෝරාගත් රෝහල් ආශ්‍රිතව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වැඩිදියුණු කිරීම සිදුකළ යුතුව ඇතැයිද ලේකම්වරයා සඳහන් කරයි.

සැක සහිත රෝගීන්ගේ ඛේට හා රුධිර සාම්පල් ජෛව ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පරික්ෂාවට ලක්කළ හැකි රසායනාගාර පහසුකම් රට තුළ වැඩිදියුණු කිරීම මේ අවදානම් සහගත අවස්ථාවේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

-මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top