මහාචාර්ය චරිත හේරත් මහතාගේ ක්රියාකාරී දේශපාලන ආධාරකරුවෙකුට මැර කණ්ඩායමක් විසින් ප්රහාරයක් එල්ල කර තිබේ.
කුලියාපිටිය අස්වැද්දුම කොට්ඨාසයේ පදිංචි මහාචාර්ය චරිත හේරත් මහතාගේ ක්රියාකාරී දේශපාලන අධාරකරුවෙකු වන කසුන් මධුසංක නමැත්තාට මෙම මැර ප්රහාරය එල්ල කර ඇත. මැර කණ්ඩායම විසින් ඔහුගේ හිසට යකඩ මුගුරකින් ප්රහාර එල්ල කර ඇති අතර ප්රහාරයෙන් බරපතල තුවාල ලබා ඔහු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ප්රහාරය එල්ල වූ තැනැත්තා සඳහන් කරන අන්දමට වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකුගේ අනුදැනුම මත ඔහුගේ සහෝදරයෙක් ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තම ත්රීරෝද රථය අලුත්වැඩියා කරගැනීම සඳහා ගරාජයක් වෙත ගොස් සිටියදී ඔවුන්ට මෙම ප්රහාරය එල්ල කර ඇත.
පහර එල්ල කිරීමේදී කුලියාපිටිය ආසනය තුළ වෙනත් පුද්ගලයන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත්, පිටස්තර පුද්ගලයින් සඳහා සහයෝගය නොදක්වන ලෙසත් පැවසූ බව පහරකෑමට ලක් වූ කසුන් මධුසංක මහතා කියයි.
ප්රහාරයට ලක් වූ කසුන් මධුසංක මහතා සඳහා මේ වනවිටත් කුලියාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
