Advertise with Giraya
NEWS

නිරෝධායනයට රු. 7500ක් ගන්න කතාව බොරුවක් – යුද හමුදාපති කියයි

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලූයම දිවයිනට පැමිණි පිරිස මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම මේවනවිට සිදුකෙරෙමින් පවතිනවා. දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 166 දෙනෙකු සහ ඉතාලියේ සිට පුද්ගලයින් 16 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

ඔවුන් පළමුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඒ අතරින් තෝරාගත් පිරිසක් මඩකලපුවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරවීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන්නේ පවුල් වශයෙන් පැමිණි පුද්ගලයින්වයි.

අද සිට දින 14 ක් නිරෝධායනය සඳහා රඳවා තිබෙන එම පිරිසට ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් සැපයීම යුද හමුදාව මගින් භාරගෙන ඇති බව යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Giraya News Alerts

මේ අතර, නිරෝධායනයට ලක් කෙරෙන පිරිස් වෙතින් ආහාර සඳහා රු. 7500ක් අය කෙරෙන බවට මාධ්‍ය වාර්තා රැසක් පළ වූ අතර එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් විසින් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

ඉන් පසු දෙරණ, ස්වාධීන රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන රැසක් ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණි. මේ අතර එලෙස මුදල් ඉල්ලූ අවස්ථාවක ඇති වූ ගැටුමක් බව දැක්වෙන වීඩියෝවක්ද සමාජ ජාලා තුළ සැරිසරමින් තිබේ.

මෙයට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා පැවසුවේ ඒවා අසත්‍ය බවත් මෙය රජය හා හමුදාව අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව සිදුකර ඇති යමක් බව තම විශ්වාසය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top