බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා රවී කරුණානායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි. එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙයි.
ඊට අමතරව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, වැඩබලන පොලිස්පති වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
