‘‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’’ පන්දුවාර 20 තරගාවලියේ තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය දරණ ශී‍්‍ර ලංකන් ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක ඉන්දියන් ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි නුවර ඩී.වයි පටිල් කී‍්‍රඩාංගණයේදීයි. සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඉන්දියන් ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.
මේ අතර පාදයේ ආබාධායකට ලක්ව සිටින සුපිරි දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ගේ අද තරගය සදහා සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බව නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
ඕස්ටේ‍්‍රලියන් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගය ශී‍්‍ර ලංකන් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 7 කින් ජය ගැනීමට සමත් වුණා. ශී‍්‍ර ලංකන් ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දියන් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අද රාති‍්‍ර 7 ට ආරම්භවීමට නියමිතයි.
