Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකා හමුදාවේ 58කට බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කිරීමට නීති ගෙනෙයි

ඇමරිකාව විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට සමාන වූ පිළිවෙතකට යුද අපරාධ චෝදනා එල්ලවූ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 කට බි‍්‍රතාන්‍යයේ සංචාරයේ යෙදීම තහනම් කිරීම සඳහා වූ නව නීතිරීති ලබන මාසයේදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තිය යටතේ මෙම තහනම් නීතිරීති පැනවීමේ නව පාර්ලිමේන්තු කෙටුම්පත ඉදිරිපත් කෙරේ.

මේ බව බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු භාර රාජ්‍ය ඇමැති නිජල් ඇඩම්ස් විසින් හෙළි කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, “පෙබරවාරි 27 වන දින ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජය සමඟ බ්‍රිතාන්‍ය පවත්නා සම්බන්ධතාවයේ දී වගවීම, යුක්තිය සහ සංහිඳියාවෙහි වැදගත්කම ඔවුන් දිගින් දිගටම අවධාරණය කරන බවයි. එසේම, මේ පිළිබඳව පෙබරවාරි 25 වන දින ජිනීවා නුවරදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ විට දකුණු ආසියානු අමාත්‍ය විම්බල්ඩන් සාමිවරයා ද මෙම කරුණු වල වැදගත්කම අවධාරණය කළ බවත් ය.”

Giraya News Alerts

එසේම, ඉදිරි මාස වලදී අවශ්‍ය නීතිරීති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒවා බලාත්මක වනු ඇති බවත් ඊට පෙර එහි විභවතාවයන් පිළිබඳව අදහස් පළ කිරීම උචිත නොවන බවත් ඔහු අවධාරණය කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top