Advertise with Giraya
NEWS

විදෙස්ගතව පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් මඩකලපුවට

මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද (10) අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

Giraya News Alerts

මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.

ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට එලෙස පැමිණෙන මගීන් දින 14ක කාලයක් එම මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු සදහා යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top