කොරෝනා වෛරස් තත්ත්වය (COVID-19) හේතුවෙන් විවිධ රටවල් තම රට තුලට සංචාරකයන්ගේ පැමිනීම සීමා කර ඇති අතර, ඒ අනුව කටාර් රාජ්‍යය වෙත ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 13කින් සංචාරකයන් ගේ පැමිණිම තාවකාලිකව අත්හිටුවා ඇත.
මෙය කටාර් රාජ්‍යය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බැවින්, මෙහෙයුම් සිදුකරන ගුවන් සමාගමක් වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එම තීරණය ට අනුගත වීමට සිදුවන අතර, ඒ හේතුවෙන් සිය වටිනා ගනුදෙනුකරුවන් හට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පලකර සිටියි.
කටාර් හී රාජ්‍ය සන්නිවේදන කාර්‍යාලය නිකුත් කරඇති නිවේදනයට අනුව, මෙසේ සීමා කර ඇති අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය , ලෙබනනය, නේපාලය , පාකිස්තානය , පිලිපීනය, දකුණු කොරියාව සහ සිරියාව යි.
