Advertise with Giraya
SPORTS

එංගලන්තයට එරෙහිව තරඟ වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රීකට් තරගය ලබන 19 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

ඔෂධ ප්‍රනාන්දු / කුසල් මෙන්ඩස් / ඇන්ජලෝ මැතිව්ස් / දිනේෂ් චන්දිමාල් / කුසල් ජනිත් පෙරේරා / ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල / පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්ව ඇත. එසේම, වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් / ලහිරු කුමාර / විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත එක්වනවා. දඟ පන්දු යවන්නන් ලෙස දිල්රුවන් පෙරේරා / ලසිත් ඇඹුල්දෙනිය / ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිඛේ.

Giraya News Alerts

කොදෙව්වන්ට එරෙහිව පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී ආබාධයකට ලක්වු තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිඛේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top