කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැතීම හේතුවෙන් මේ වනවිට ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළෙහි ක්‍රමානුකුලව පහත යමින් පවතින බැවින් ඒහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා පියවර ගැනීමට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අවධානය යොමු කර ඇති බව වාර්තා වෙනවා.
මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම හා ලෝක ඉන්ධන මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමේ අරමුණින් ඒ් සම්බන්ධව කරුණු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මෙලෙස තීරණය කර තිබෙනවා.
