කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 366 දක්වා ඉහළ ගොස් ඉතාලි බලධාරිහු පවසති.
එක් දිනක් ඇතුළත මියගිය ගණන 133 කින් ඉහළ ගොස් ඇතැයි ද වයිරසය ආසාදනයවූවන්ගේ ගණන 25%කින් ඉහළ ගොස් ඇතැයිද ඉතාලියේ සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි. ඒ අනුව ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 7,375 දක්වා ඉහළ ගොස් ඇත.
ඉතාලිය මේ වනවිට දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ඉතාලියේ ලොම්බාර්ඩි හා පළාත් 14 ක මිලියන 16කට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී සිටිති. මෙම ප්‍රදේශවලට යෑමට හෝ ඒවායින් පිටවීමට හෝ අනෙකුත් ගමනාගමන කටයුතු සඳහා විශේෂ අවසරයක් ගැනීමට ජනතාවට සිදුව ඇත. අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් ගමන්බිමන් සීමා කරන්නැයි ද ඉතාලි බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇති අතර පොදු ස්ථාන සියල්ල වසා දැමීමට ද ඔවුහු ඉරිදා පියවර ගත්‍හ.
