ඉන්දියාවේද මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකාවන් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ දඹදිව වන්දනා සඳහා සහභාගී වන්නන් සියයට 90 කට වැඩි පිරිසක් වයස්ගත පුද්ගලයින් වන බැවින් ඔවුන් එරට සංචාරය කිරීම අවදානම් සහගත බවට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි.
