Advertise with Giraya
POLITICS

පක්ෂය දෙකට බෙදීමෙන් වාසිය ලැබෙන්නේ රාජපක්ෂවරුන්ටයි – රුවන් විජේවර්ධන

මේ වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමේ අර්බුදයෙන් වාසිය ලැබෙන්නේ රටට, ජනතාවට හෝ එම දෙපාර්ශවයටම නොව රාජපක්ෂවරුන්ට බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි. එබැවින් නාමයෝජනා දිනට පෙර හෝ යම් එකඟතාවක් ඇතිකරගැනීමේ අරමුණින් සාකච්ඡා පවත්වාගෙන යන බව කී හිටපු මන්ත්‍රීවරයා එකමුතුව ඇතිවන තැනක් වේ නම් ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට දෙපාර්ශවයම සූදානම් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද විජේවර්ධන මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇතැයි ද ඉන් කොටසක් ඉන් කොටසක් එජාපයටත්, කොටසක් සමඟි ජන බලවේගයටත් ඡන්දය දෙන අතර තවත් පිරිසක් ‍ඡන්දය නොදීමටත්, කළකිරුණු අය පොදුජන පෙරමුණට කතිරය ගැසීමටත් හැකි බව ද විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.

Giraya News Alerts

වෙන්ව තරඟ කළ ද මැතිවරණයෙන් පසු හෝ එක්ව ඉදිරියට යාමට දෙපාර්ශවයට හැකි බව ද කී මන්ත්‍රීවරයා නමුත් වඩා වැදගත් වන්නේ මැතිවරණයට පෙර එකමුතුවී ජනතාව වෙනුවෙන් හඬක් නගා ආණ්ඩුවට අභියෝගයක් වීම බව ද ප්‍රකාශ කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top