Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

රනිල් – සජිත් තනිවම ද? එකට ද? තීරණය හෙට

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව මහමැතිවරණයට තරඟ කරනවා ද නැතහොත් සමගි ජන බලවේගය තනිවම මහ මැතිවරණයට යනවාද යන්න පිළිබඳව හෙට (10) පෙරවරුවේ සජිත් පාර්ශ්වය තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ. රනිල් – සජිත් පාර්ශ්වවල නියෝජිතයන් අතර දිගින් දිගටම සිදුවූ සාකච්ඡා මේ වනතෙක් අවසන් වී නොතිබුණද හෙට (10) පෙරවරුවෙන් පසු එකඟතාවකට ආවත් නාවත් සමගි ජන බලවේගය තීරණය කරගෙන තිබෙන පරිදි මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු වේගවත්ව ඉදිරියට කරගෙන යන බව එම සන්ධානයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මහ මැතිවරණයේදී සුළු ජාතික පක්ෂ හා අනෙකුත් සහෝදර පක්ෂවලට නාමයෝජනා ලබාදීමට අදාළ වැඩපිළිවෙළ සකස් කිරීමේ වගකීම මලික් සමරවික්‍රම මහතාට භාරදී තිබේ. මීට අමතරව මන්ත්‍රිවරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කර අවසන් නාම යෝජනා ලැයිස්තුව සැකසීමේ වගකීම සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට භාරදීමට සන්ධානය තීරණය කර තිබේ.

‘හංසයා’ ලකුණ සමගි ජන බලවේගයට ලබාදීමට එකඟත්වය පළ වී තිබුණද මේ සම්බන්ධයෙන් එජාපය තවදුරටත් කල් මරන තත්ත්වයක් මතුව ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

Giraya News Alerts

එසේම, එක්සත් ජාතික පක්ෂය යම් හෙයකින් පාර්ශව දෙකකට වෙන්ව මහ මැතිවරණයට තරග කළහොත් මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේ දී එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ සියලු පාර්ශව එක්ව මැතිවරණයට ඉදිරිපත්වීමට තවදුරටත් උත්සාහ දරන බවයි. කුමන ලකුණක් යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වුවද ඊට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසර ලබා ගත යුතුව ඇති බව ද රුවන් විජේවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය තුල බල අරගලයක් ගොඩනැගිම තුල ප්‍රතිවාදි පාර්ශවලට එහි වාසිය හිමි වන බව රුවන් විජේවර්ධන මහතාගේ මතය වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top