කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ සංවර්ධන ව්‍යාපෘතිය අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කළුතර පැවති උත්සවයකටසහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙරළ තීරයට පැමිණියේය.
2017 හටගත් ගංවතුරෙන් මෝය ආශ්‍රිත වැලි පර සේදී යාමට ලක් වීම නිසා කළුතර උතුර වෙරළ තීරය ඛාදනය විය. මිට පිළියම් ලෙස ගැඹුරු මුහුදෙන් වැලි ගෙන වෙරළ සංරක්ෂණය කිරීම ඇරඹිණ.
මෙම ව්‍යාපෘතිය අදියර 03කින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ කි.මි 02ක් දිග මීටර් 25ක් පළල කෘතිම වෙරළ තීරයක් ඉදි කෙරේ. මෙහි ගොඩකිරීම් සඳහා වැලි මීටර් කියුබ් ලක්ෂ 03ක් යොදා ගැනෙන අතර මේ වන විට මීටර් 500ක කොටසක් ඉදිකර අවසන්ය.
පළමු අදියර ඉදිරි දෙසතිය තුළ නිම කිරීමට හැකි වෙතැයි වෙරළ සංවර්ධන ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක මහතා ජනාධිපතිවරයා සමඟ පැවසීය.
කිලෝ මීටරයක් දිග අඟුලාන වෙරළ තීරය දෙවන අදියර ලෙසත්, මීටර් 500ක් වූ ගල්කිස්ස වෙරළ තීරය තුන්වන අදියර ලෙසත් සංවර්ධනය කෙරේ. අප්‍රේල් 20 වනදා වන විට අදියර තුනෙහිම වැඩ නිම කළ හැකි වෙතැයි සුජිව රණවක මහතා සඳහන් කළේය.
කළුතර දෙසට ගමන් කරමින් සිටී ජනාධිපතිවරයාගේ අවධානය මොරටුව පානදුර ආශ්‍රිත දෛනික නගර පවිත්‍රකරණය කෙරෙහි ද යොමු විය. නගරාශ්‍රිත පවිත්‍රකරණ කටයුතු විධිමත් අයුරින් සිදු නොවීම පිළිබඳ ජනාධිපතිතුමා එවෙලෙහිම පළාත් පාලන නියෝජිතයන් සහ පොලිසියේ නිලධාරීන් දැනුවත් කළේය.
දෛනික පවිත්‍රකරණ සේවා නිසි ලෙස සිදු නොවීම පිළිබඳ වහා පරීක්ෂණයක් කිරීමටත් හැකි ඉක්මණින් නගරය පිරිසිදු කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව අවධාරණය කළේය.
