Advertise with Giraya
POLITICS

“මහ බැංකු හොරකමේ පොඩි හොරු විතරයි අහුවෙලා ඉන්නේ… ලොකු හොරු ටික මඟහැරලා ඉන්නවා” – ප්‍රසන්න රණතුංග

මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ ලොකු ලොකු පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

එසේම, වසර 05 ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් දිව්‍ය ලෝකයක් බවට පත් කළ නොහැකි බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වැටී තිබෙන රට ගොඩ නැගීම සඳහා මෙරට කාන්තාවන්ගේ දායකත්වයද අත්‍යවශ්‍යය බවයි.

Giraya News Alerts

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටු ආණ්ඩුවක් බිහි කර ගෙන රට ආරක්ෂා කර ගැනීමට එක්වන්නැ‘යි තමන් මෙරට කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි ව මිනුවන්ගොඩ උඩුගම්පළ දී පැවති කාන්තා දින සැමරුමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය.

“පහුගිය මාස තුනේ විපක්ෂය කළේ අපේ කකුලෙන් අදින එක. ඒක නිසා අපි ඉදිරියේ දී පිහිටුවන ආණ්ඩුවක දී කාන්තාවක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වැඩ පිළිවෙල ක්‍රියාවට නංවනවා. පහුගිය ආණ්ඩුව වසර 05 ක් තිස්සේ මේ රට අපායක් බවට පත් කළා. අවුරුදු 05ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් ගොඩ ගන්න බෑ.

මහ බැංකු හොරකම තමයි පහුගිය කාලේ සිද්ධ වුණ ලොකුම හොරකම. මහ බැංකු හොරකමේ පොඩි පොඩි හොරු විතරයි අහු වෙලා ඉන්නේ. ලොකු හොරු ටික මග ඇරලා ඉන්නවා.

අපි මේ හොරුන්ට මග ඇරලා ඉන්න ඉඩ තියන්නේ නෑ. පහුගිය ආණ්ඩුව සුදුපිරුවට පොරෝගෙන ආවට තනිකරම දූෂිත ආණ්ඩුවක්. බැදුම්කර හොරකම මේ රටේ ආර්ථිකයට බලපෑවා. අද රටේ ජනතාව මුහුණ දෙන බඩු මිල ඉහළ යාම වගේ දේවල් වලට වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩුව. ඔවුන්ගේ අදූරදර්ෂි ආර්ථික වැඩ පිළිවෙල නිසයි රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top