Advertise with Giraya
NEWS

වන්දනා සමය ආරම්භ වී මාස තුනට නල්ලතන්නියෙන් ශ්‍රී පාදයට ගිය අය ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 15ක් දාලා ඇවිත්

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මේ දක්වා මාස තුන හමාරක කාලය තුළ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් පමණක් පරිසරයට මුදා හැර ඇති දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ලක්ෂ 15 කට අධික බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී ආර්.එල්.සමරනායක මහත්මිය පැවසුවාය.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ඊයේ (07දාදා) පැවති ශ්‍රමදාන ව්‍යාපාරයකට සහභාගි වෙමින් ඇය මේ බව පැවැසුවාය.

“අති සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ ඇති වටිනාකම හා මතු පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම සිට මාධ්‍ය මගින් වන්දනා කරුවන් කොතෙකුත් දැනුවත් කරත් බොහෝ වන්දනාකරුවන් ඉතා අකාරුණික ලෙස පරිසර හිතකාමී නොවන අයුරින් කටයුතු කිරීම නිසා ශ්‍රීපාද මාර්ගය දෙපස හා රක්ෂිතය තුළ තිබී මෙතරම් විශාල දිරා නොයන ප්ලාස්ටික් බෝතල් තොගයක් සොයා ගැනීමට වුණා.”

Giraya News Alerts

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක – Ada.lk-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top