කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් 10 දෙනෙක් මේ වන විට පරීක්ෂා කරමින් සිටින් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග සම්බන්ධ ඒකකය ඊයේ (07) ප්‍රකාශ කළා.
ලාංකිකයන් දෙදෙනෙක් සහ තවත් විදශිකයෙක් බෝවන රෝග පිළිබඳ ජාතික අධ්‍යයනායතනයේ දැනට රඳවා සිටිනවා. මීට අමතරව තවත් ලාංකිකයන් දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. රත්නපුර සහ බදුල්ල රෝහල් වල වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් දෙදෙනා බැගින් සිටිනවා. ඊට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල සහ මීගමුව රෝහලේ එක් රෝගියා බැගින් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කෙසේ වෙතත්, කුඩා ළමුන් ඇතුළු සාමාන්‍ය ජනතාව මුඛ ආවරන පැළඳිය යුතුද යන්න තීරණය කර නැති බව වසංගත රෝග සම්බන්ධ ඒකකය පවසනවා.
වෛරසය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය සෞඛ්‍ය
විසින් මේ වන විට ප්‍රබල සැලැස්මක් දියත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, දිවයින පුරා නම් කරන ලද රෝහල් 17 ක්, එළඹිය හැකි COVID-19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා හොඳින් සූදානම් කොට තිබේ.
තත්වය වෙනස්වන සුළු බැවින් COVID-19 තත්ත්වය පිළිබඳ අර්ථ දැක්වීම ද යලි නිර්වචනය කොට ඇති අතර, මේ වන විට වන විට ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවලින් පැමිණෙන මගීන් වෛරසයේ වාහකයන් වියහැකි ලෙස සළකනු ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. පූර්වාරක්‍ෂක පියවරක් ලෙස, ඉහත රටවල් තුනේ සිට හෝ එම රටවල් හරහා පැමිණෙන මඟීන්
දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට රජය තීරණය කොට ඇත.
බැටික්ලෝ පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය නව නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (07) දිනයේ දී තීරණය කළ අතර වත්තල, හැදල ලාදුරු රෝහල ද මෙරට පළමු නිරෝධායන මධ්‍යස්ථානය ලෙස පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය.
