Advertise with Giraya
POLITICS

අර්බුද අවසන්… ස.ජ.බ.යේ ලකුණ තීරණය වෙයි

ඊයේ (07) රාත්‍රියේ දී හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සමගි ජන බලවේගය සඳහා හංසයා ලකුණ ලබා දීමට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නියෝජිතයින් එකගත්වය පළ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මහලේකම් ෂර්මිලා පෙරේරා ඇතුළු එම පෙරමුණේ නියෝජතයින් එක්ව සිටියා.ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ ලෙස හංසයා යොදා ගැනීමටයි දෙපාර්ශ්වයේ එකගතාව පළ වුණේ.

කෙසේ වෙතත්, ඔවුන් මෙවැනි එකගතාවකට පැමිණියේ ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ වෙන්ව තරඟ කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත ද දැනුම් දී ඇති පසුබිමකයි. එක්සත් ජාතික පක්ෂය එවැනි තීරණයක් ගැනීමත් සමග සමගි ජන බලවේගය දුරකතනය ලකුණින් තරඟ කිරීමට තීරණය කළ බවයි නව සන්ධානයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ ප‍්‍රකාශ කර සිටියා.

Giraya News Alerts

කෙසේ වෙතත්, හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිවසේ ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ එකඟතාවන්ට අනුව එක්සත් ජාතික පක්ෂය ද සමගි ජන බලවේගය සමග එක්ව හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දීම සම්ප‍්‍රදායික කි‍්‍රයාවක් බව එම පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු කියා සිටියේ මෙම දැනුම් දීම එක්සත් ජාතික පක්‍ෂය හා සමගි ජන බලවේගය එක්වීමට කිසිදු බාධාවක් නොවන බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top