Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

“පොළොන්නරුවෙ මිනිස්සු මාත් එක්ක ඉන්නවා කියලා මට ගහන පිටස්තර මිනිස්සු දැනගන්න ඕන” – මෛත්‍රීපාල සිරිසේන

තමන්ට මාධ්‍ය මඟින් කුමන මඩ ප්‍රහාර එල්ල කළ ද පොළොන්නරු ජනතාව තමන් වැළඳගන්නා බව වැටහෙන බවත්, ඔවුන් තමන් සමඟ සිටින බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි. ඔහු මේ බව සඳහන් කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ (06) පස්වරුවේ පැවති තරුණ කාන්තා ගොවි නියෝජිත හමුවකට එක්වෙමින් ය.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා,

“උකුස්සා ගැන කියලා පහුගිය දවස්වල දිගට හරහට මට ගහන්න පටන් ගත්තානේ.. මාධ්‍ය තුළ මට ගහන්න ගහන්න පිටස්තර අය පොළොන්නරුව ජනතාව මාව වැළඳගන්න බව මට පෙනී යනවා. ඒක නිසා අපේ එකාට ගහනවා නම් ඒ අපේ එකා.. ඌ අපි රකිනවා කියලා.. පොළොන්නරුවෙ මිනිස්සු මාත් එක්ක ඉන්නවා කියලා මට ගහන පිටස්තර මිනිස්සු දැනගන්න ඕන කියන එක පැහැදිලිව කියන්නට ඕන”යැයි පැවසීය.

Giraya News Alerts

එසේම, පොළොන්නරු ජනතාව පිළිබඳ තමන් විශ්වාසය තබා ඇති බවත් ඉදිරි කාල සීමාව පූර්ණ වශයෙන් පොළොන්නරුව වෙනුවෙන් කැප කරන බවත් ඒ මහතා පැවසීය.

“මම විශ්වාසය තියලා තියෙන්නේ පොළොන්නරුවෙ මිනිස්සු ගැන. ජනතාව ගැන. මං පොළොන්නරුවෙන් ඡන්දය ඉල්ලන්නේ. මං රටේ ඡන්දයක් ඉල්ලනවා නෙමෙයි. ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක් නැහැ රට වශයෙන් ගිහිල්ලා ඒ වගේ දේවල් කරන්න…මම මගේ ඉදිරි කාල සීමාව සම්පූර්ණයෙන්ම පොළොන්නරුවෙ මිනිස්සු වෙනුවෙන් තමයි මං වැය කරන්නෙ. මම ඇත්තම කියනවා නම් ජාතික දේශපාලනයෙන් එහාට යන්න මගේ එහෙම අදහසක් නැහැ.” යැයි ඔහු එහිදී පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top