කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්ත වී ඇති රටවල සිට පැමිණෙන මගීන් සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන සියළු මගීන් දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව බැටික්ලෝ පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය නව නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. මතභේදයට තුඩු දුන් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයාට අයත් එකක් වනවා.
එම රටවල සිට පැමිණෙන මගීන් රඳවා තැබීම සදහා වත්තල, හැදල ලාදුරු රෝහල ද මෙරට පළමු නිරෝධායන මධ්‍යස්ථානය ලෙස පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය.

