Advertise with Giraya
POLITICS

මහ ඡන්දෙට අලියාගේ එජාපය තරඟ කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දෙයි

2020 අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම “අලියා” ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඒ බව මාර්තු 7 දින මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දුන් බව ද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 7 වන අද දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top