Advertise with Giraya
NEWS

රවී සොයා CIDය රවීගේ ගෙදරට යයි

අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පිරිසක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි නිවසට ගොස් ඇති බව වාර්තා වේ. විනාඩි 45 ක පමණ කාලයක් නිවසෙන් මෙපිට රැදී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනතුරුව නිවස වෙත ගොස් පරීක්ෂා කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම අවස්ථාවේදී රවී කරුණානායක මහතා එම නිවසේ රැඳී නොසිටි බව වාර්තා වෙයි.

2016 වසරේ සිදුවූ මහ බංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්හි ටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ(06) වරෙන්තු නිකුත් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top