Advertise with Giraya
NEWS

දිස්ත්‍රික්ක රැසකට අද පස්වරුවේ වැසි

මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මඩකලපුව සිට තී‍්‍රකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ද තැනින් තැන සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top