මඩකලපුව, යාපනය සහ වන්නිය යන දිස්ති‍්‍රක්කවලට පොහොට්ටුව ලකුණින් තරග නොකිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි. තමන්ට සහය දක්වන පක්ෂ කිහිපයක එකතුවකින් වෙනත් ලකුණු යටතේ එම දිස්ති‍්‍රක්කවලට තරඟ කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන සන්ධානය අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව වන්නි දිස්ති‍්‍රක්කයට වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ප‍්‍රභා ගනේෂන් නායකත්වය දරන මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඔරලෝසුව ලකුණ යටතේ තරඟ කිරීමට නියමිත බව වාර්තා වෙයි. යාපනය දිස්ති‍්‍රක්කයට එම පක්ෂ 02 සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් ශී‍්‍රධරන්, වර්ධරාජා පෙරුමාල් ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව තරඟ කිරීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එසේම, මහ මැතිවරණය සදහා ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් එක් එක් දිස්ති‍්‍රක්කවලට තරඟ කරන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තු ලබන අගහරුවාදා පැවැත්වෙන එම සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාමයෝජනා පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එම පෙරමුණ හා එක්ව සිටින අනෙකුත් දේශපාලන පක්ෂ වෙනම නාමයෝජනා සකස් කරමින් සිටින අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ නාම යෝජනා වෙනම සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව නාම යෝජනා මණ්ඩලය රැස්වී දෙපාර්ශවයේ නාමයෝජනා එක්කර අවසන් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමට නියමිතයි.
