Advertise with Giraya
SPORTS

විස්සයි විස්ස දෙවැනි තරඟයෙන් කොදෙව්වන්ට කඩුළු 7ක ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06) පැවැත්වුන දෙවැනි විස්සයි විස්ස තරඟාවලියෙන් කඩුළු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුනා. ඒ අනුව විස්සයි විස්ස තරඟාවලියේ ජය 2ට 0ක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් ලෙස වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන් අද සමත් විය.

කාසිය වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 155ක් රැස් කර ගත් අතර එයට දසුන් ශානක ලකුණු 31 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු22ක් හා තිසර පෙරේරා ලකුණු 21ක් ද ඇතුළත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් කඩුළු 3ක් දැවී පන්දුවාර 17ක් අවසානයේ දී ලකුණු 158ක් රැස් කරමින් ජය වාර්තා කළා. එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වුන අන්ද්‍රෙ රසල් පන්දු 14ක් තුළදී ලකුණු 40ක් රැස් කර ගැනීමට සමත් වුනා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top