2016 මාර්තු 29 සහ එම මස 31 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදු කළ අපරාධමය වැරදිවලට අදාළව චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
අදාළ බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 12 දෙනාට අදාළව ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණ වී ඇති බැවින් ඔවුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.
ඒ අනුව පසුගිය 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිටියේය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුණි.
