නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට පසුගියදා (03) බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණ මාස 7ක් කුඩා බිළිඳාට වෛරසය අසාදනය වී නැති බවට තහවුරු වී ඇත. ඒ අනුව එම බිළිඳා අද(06) දහවල් රෝහලෙන් පිටත් කර හැරීමට පියවර ගත් බව බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් අමරකෝන් මහතා සදහන් කරයි.
දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකළ අතර අද පෙරවරුවේ ලැබී ඇති එහි වාර්තාවලට අනුව දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් අමරකෝන් මහතා ප්‍රකාශ කර සිටියි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ දෙමාපියන් මාස හතක් පමණ වයසැති කුඩා පිරිමි දරුවා සමග කොරියාවේ පදිංචිව සිට ඇති බවත් කොරෝනා වෛරසය කොරියාව තුළ ව්‍යාප්ත වීමත් සමඟ දිවයිනට පැමිණ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි තම නිවසේ නතරවී තිබිණි.
සම්බන්ධිත පුවත්
කොරෝනා යැයි සැකපිට මාස 7ක කුඩා දරුවෙක් බදුල්ල මහ රෝහලට
