Advertise with Giraya
SPORTS

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය අද (06) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

පසුගිය බදාදා පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

අද තරඟයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොවනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම ෂෙහාන් ජයසුරිය වෙනුවට නිරෝෂන් දික්වැල්ල කැඳවීමට ඉඩ ඇති බවත් ක්‍රීඩා විචාරකයෝ පවසති.

Giraya News Alerts

මේ වනවිට කණ්ඩායම් දෙක අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 10ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 6ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. එහෙත් අවසාන තරග තුනම ජයගෙන ඇත්තේ බ.ඉ.කො. කණ්ඩායමයි.

ක්‍රීඩා විචාරකයන් පවසන්නේ තරඟය ජය ගැනීමට නම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ද්‍රේ රසල් සහ කයිරොන් පොලාර්ඩ් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් වග බලා ගත යුතු බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top