Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

රවී කොන්දේසි විරහිතව හංසයා ස.ජ.බයට දෙයි

කිසිදු කොන්දේසියකින් තොරව සමගි ජන බලවේගයට හංසයා ලකුණ ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගේ එකඟතාව පළ වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න ඔහු සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.

මීට පෙර රවී කරුණානායක මහතා ඉල්ලීමක් කර තිබුනේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුර තමන්ට ලැබිය යුතු බවයි.

Giraya News Alerts

හංසයා ලකුණ හිමිව ඇත්තේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට වන අතර එහි ලේකම් ශර්මිලා පෙරේරාටද සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරය ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මීට ඉල්ලා තිබුණු බවට වාර්තා පළ වුණා.

කෙසේවෙතත් පසුව හිටපු මන්තී‍්‍රවරයා කිසිදු කොන්දේසියකින් හෝ තනතුරකින් තොරව හංසයා ලකුණ සමගි ජන බලවේගයට ලබා දීමට තම එකඟතාව ලබාදී ඇත.

මේ අතර පවතින අර්බුදය විසදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලික් සමරවික‍්‍රම ද මැදිහත් වී තිබෙනවා. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්නට දැනුම් දී ඇත්තේ අර්බුදය සම්බන්ධයෙන් රවී කරුණානායක, සහ රංජිත් මද්දුම බණ්ඩාර සමඟ හැකි ඉක්මණින් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා ලෙසයි.

මෙම අවස්ථාවේ තනතුරු පිළිබඳ අර්බුදයක් මතු නොකර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර ද ප‍්‍රකාශ කර තිබුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top