කටුනායක ගුවන්තොටුපොළ මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා යළිත් හෙට (06) දින සිට විවෘත කර තිබේ.
ඒ අනුව ගුවන් තොටුපොළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකියි.
මේ සදහා රුපියල් 300ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර එම ප්‍රවේශ පත්‍ර කවුළු ද හෙට (06) දින සිට විවෘතව පවති.
