නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකරන පිය පුතු දෙදෙනෙකු ඊයේ (4) අලූයම බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවටට ඇතුළත් කර ඇතැයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.
වයස අවුරුදු තිස් එකක පියකු සහ වයස අවුරුදු හතක පිරිමි දරුවකු මෙසේ රෝහලට ඇතුළත් කර ඇති අතර මොවුන් බණ්ඩාරවෙල හීල්ඔය අම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
දකුණු කොරියාවේ සිට මෙම දෙදෙනා ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා ශ්රී ලංකාවට පැමිණ බණ්ඩාරවෙලට ඇවිත් නිවසට පැමිණීමෙන් පසු කොරෝනා රෝග ලක්ෂණ මතුවීමත් සමග බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනෙකුත් රෝගීන්ගෙන් වෙන් කර බදුල්ල මහ රෝහලේ විශේෂිත වාට්ටුවකට මෙම දෙදෙනා ඇතුළත් කර තිබෙන අතර කොරෝනා රෝග පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇතැයි බදුල්ල මහ රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
