එ.ජා.ප. උපනායක රවි කරුණානායක මහතාගේ නිවෙසේ දින හතක “යාගයක්” මේ දිනවල පැවැත්වෙන බව වාර්තා වේ. මෙම යාග කර්මය ආරම්භ කර ඇත්තේ පෙරේදා (03දා) රාත්‍රියේය.
පාර්ලිමේන්තු මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ මෙම යාගයක පවත්වන අතර, රටටත්. රටේ ජනතාවටත් සෙත් පතා මෙය පවත්වන බව “යාගය” එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කර තිබේ. රටටත්, රටේ ජනතාවටත් සෙත් පතමින් මෙම යාගය පවත්වන අතර ඉන් තුන් බිය දුරුවී යන බවත් මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කලේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් රුහුණේ ප්‍රබල කපු මහත්වරුන් පිරිසක් ගෙනැවිත් මෙම යාගය ආරම්භ කර ඇත.
