2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම හෙට (06) සිට මාර්තු 16 වැනිදා දක්වා සිදු කෙරෙනවා.
මෙම කාලය යළි දීර්ඝ නොකරන බැවින් තැපැල් ඡන්ද අයදුම්කරුවන් අදාළ කාලසීමාව තුළ අයැදුම්පත් යොමුකිරීමට සැලකිලිමත් විය යුතු බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක මෙහිදී සිහිපත් කළා.
මේ අතර, දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීන්, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ඒ, ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික සාකච්ඡාක් සඳහායි.
2020 මහ මැතිවරණයේ නාමයෝජනා කැදවීම මාර්තු 12දා සිට 19 වැනිදා දක්වා සිදු කෙරෙනවා. මහ මැතිවරණය පැවැත්වෙන්නේ අපේ‍්‍රල් මස 25 වැනිදායි
