Advertise with Giraya
ENTERTAINMENT

‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ අද එළි දකී

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාගේ ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වීමේ උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පස්වරු 3.30ට කොළඹ 07, පදනම් ආයතනයේදී සිදුවේ.

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ද දෙමළ බෙදුම්වාදීන්ගේ ද මුස්ලිම් අන්තවාදීන්ගේ ද රූකඩයක් ලෙස 2015 බලයට පැමිණි ඊනියා යහපාලන ආණ්ඩුව පෙරලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ ද මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ ද පිහිටවූ “මහින්ද සුළඟ” නම් ජාතිකවාදී අරගලයේ ඇතුලාන්ත කථාව මෙම කෘතියට පාදක වී ඇති බව කතුවරයා පවසයි.

උදය ගම්මන්පිල මහතා වෘත්තීයෙන් නීතිඥයෙකු සහ පරිගණක ඉංජිනේරුවරයෙකි. මෙම අවස්ථාව සඳහා දේශපාලන පක්ෂ නායකයන්, විද්වතුන්, මහජන නියෝජිතයන්, කළාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top