Advertise with Giraya
NEWS

කොරෝනා යැයි සැකපිට මාස 7ක කුඩා දරුවෙක් බදුල්ල මහ රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වි ඇතැයි සැකපිට කොරියාවේ සිට මෙරටට පැමිණි කුඩා දරුවෙකු බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඊයේ (03) රාත්‍රී ඇතුළත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසිය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ දෙමාපියන් මාස හතක් පමණ වයසැති කුඩා පිරිමි දරුවා සමග කොරියාවේ පදිංචිව සිට ඇති බවත් කොරෝනා වෛරසය කොරියාව තුළ ව්‍යාප්ත වීමත් සමඟ දිවයිනට පැමිණ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි තම නිවසේ නතරවී තිබිණි. මොවුන් ලංකාවට පැමිණීමෙන් පසු කිසිදු නිරෝධායනයකට ලක්ව නොමැති බවත් හෙළි වී තිබේ.

කුඩා දරුවාට උණ සහ කැස්ස ඇතුළු රෝග ලක්ෂණ ඇතිවි ඇති බවත් මේ වන වන විටත් දරුවාට කොරෝනා වෛරසය ශරිර ගත වී ඇද්ද යන්න තහවුරු කර ගැනිමට පරික්ෂණ සිදුකරමින් පවතී.

Giraya News Alerts

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දරුවා සමඟ දෙමාපියන් ද බදුල්ල රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර වාට්ටු අංක 24 නේවාසික රඳවා ඇති බවය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top