Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඡන්දෙ වැඩ පටන් ගන්න කලින් මැකෝ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමට යයි…ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම ගැන දැනුවත් කරයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(03) මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී, බෝධි පූජා,දානමය පුණ්‍යකර්ම,දේව මෙහෙයන් ඇතුළු නොයෙක් ආගමික වැඩසටහන් පූජනීය ස්ථාන වල සංවිධානය කරමින් අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීම පසුගිය මැතිවරණ කිහිපයේදීම සිදුවූ බවත් මෙය බෞද්ධ සිද්ධස්ථාන වල පමණක් නොව සෙසු ආගමික ස්ථාන වලද සිදුවන බවත් ඒ මහතා කීය.

මෙරට අති බහුතරයක් දෙනා සිංහල බෞද්ධ බැවින් මුලින්ම මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මේ සම්බන්ධයෙන් දැනුවත් කර විහාරාධිපතිවරුන්ට හා භාරකාර හිමිවරුන්ට අදාළ පණිවිඩය ලබා දීමට අදහස් කළ බවත් කාදිනල් තුමන් ඇතුළු හින්දු හා ඉස්ලාම් ආගමික නායකයින්ද මේ සම්බන්ධව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසුවේය.

Giraya News Alerts

භික්ෂූන් වහන්සේලාට හෝ පූජක උතුමන්ලාට දේශපාලනය අයිතිය පනතින් අහෝසි කර නොමැති බවත් මැතිවරණයට තරඟ කිරීම,දේශපාලන රැස්වීම් වල කතා කිරීම වැනි දේ උන්වහන්සේලාට කළ හැකි බවත් කී මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කාලසීමාවේදී ආගමික සිද්ධස්ථාන තුළ මෙය සිදුකිරීම වරදක් බවද අවධාරණය කළේය.

ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ආගමික ස්ථානයක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යම් අපේක්ෂකයෙකු නිරතවූ බවට කවුරුන් හෝ විරෝධතාවක් ගොනුකළ හොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ බලතල ද පනත සතු යැයි ද ඒ මහතා කීය.

මැතිවරණ පනතේ 79 වන වගන්තිය මගින් මේ බව පැහැදිලිව දක්වා තිබෙන බව කී සභාපතිවරයා එහි පිටපතක්ද මහනායක හිමිවරුන්ට පිළිගැන්වුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top