ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “වේගා” මෝටර් රථය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8.15 ට ජිනීවා නුවරදී එළිදක්වනවා.
එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා .
මේ අනුව මේ වසරේදී ලෝකයට එළිදැක්වීමට නියමිත මෙවැනි රථ ඇතුළත් වෙනම ප්‍රදර්ශනයක් ජිනීවා නුවරදී පවත්වනු ලබන අතර එහිදී මෙරට නිෂ්පාදිත වේගා රථය එළිදක්වන බව වේගා සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
