Advertise with Giraya
NEWS

ලාංකිකයින් දෙදෙනෙක් නයිජීරියාවේදී අත්අඩංගුවට

නයිජීරියාවේ අබූජාහි පිහිටි නැම්ඩ් අසිකියු ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් ව්‍යාජ මලයාසියානු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් යොදාගනිමින් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල වෙත පිටත්ව යාමට සූදානම්ව සිටියදී නයිජීරියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වසර තුළ නයීජිරියාවේ දී ව්‍යාජ ගුවන් බලපත්‍ර ලඟ තබාගැනීමේ වරදට ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.

Giraya News Alerts

නිති විරෝධී ගුවන්ගමන් බලපත්‍ර භාවිත කරමින් රටින් පිටවීම සඳහා මෙම සැකකරුවන්ට නයිජීරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ද ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රදවා තබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top