Advertise with Giraya
POLITICS

‘ශ්‍රීලනිපයේ ‘අත’ ලකුණ වෙන්දේසියේ දමා ‘පුටුව’ හා ‘බුලත් කොළය’ යොදා ගැනීමෙන් එම පක්ෂයට අත් වූ ඉරණම එජාපයේ ‘අලියා’ට අත්කර දීමේ පාපයට දායක වෙන්නේ නැහැ’ – රවී කරුණානායක

එක්සත් ජාතික පක්ෂයේ නිල සලකුණ වූ අලියා ලකුණෙන් හැර වෙනත් සලකුණකින් තරඟ නොකරන බව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් දැඩි ස්ථාවරයක සිටීමත් ‘සමඟි ජන බලවේගය’ ලෙස වෙනම තරඟ කරන බවට සජිත් පාර්ශ්වය තීරණය කිරීමත් සමඟ එජාපයේ කණ්ඩායම් දෙකක් ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

පෙරේදා (01දා) පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයට සමඟි ජන බලවේගයට අදාළ ව්‍යවස්ථාව ඉදිරිපත් නොකිරීම නිසා එජාපය මූලික වූ සන්ධානයක් ඉදිරියට ගෙන යෑමට බාධා පැමිණ ඇතැයි ද එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක්ද ‘අලියා’ ලකුණින් තරඟ කළ යුතු බවට අවධාරණය කිරීම නිසා ඉන් බැහැරව කටයුතු කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවද ඊයේ (02දා) ‘සිරිකොත’ එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘අත’ ලකුණ වෙන්දේසියේ දමා ‘පුටුව‘ සහ ‘බුලත් කොළය’ යොදා ගැනීමෙන් එම පක්ෂයට අද අත්වී ඇති ඛේදනීය ඉරණම මේ රටේ දැවැන්තම පක්ෂය වූ එජාපයට හා එහි සලකුණ වූ අලියා ලකුණට අත්කරදීමේ පාපයට එජාපයට ළැදි කිසිවෙක් දායක නොවන බවද කී මන්ත්‍රිවරයා මේ පිළිබඳව ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරෙනු ඇතැයිද කීවේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top