නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගැඹූරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 600 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (02) සොයාගෙන තිබෙනවා.
ගැඹූරු මුහුදේ ආවේක්ෂණ යාත්‍රාවක් යොදා සිදුකළ මෙම මෙහෙයුමේදී මුහුදු පතුලේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 75 ක් සහ ක්‍රිස්ටල් මෙත් (අයිස්) කිලෝ 66 ක් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව තුළ මුහුදේ දී හසු වූ වැඩිම මත්ද්‍රව්‍ය තොගය මෙය වන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.
