‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. රැකියා අපේක්ෂිතයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ පසුගිය වසරේ දෙසැම්බර් මස 31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතුය.
අයැදුම්පත් 70,000ක් පමණ ලැබී තිබෙන අතර, ඉන් 56,000ක් මූලික සුදුසුකම් අනුව තොරාගෙන තිබේ.
උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇති 45,585කට මේ අනුව රජයේ රැකියා හිමිවේ.
ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මඟින් ලැබීමට සළස්වා තිබෙන අතර ඊයේ (2) පස්වරුව වනවිට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කෙරිණි. සියලු පත්වීම් ලිපිවලට අදාළ බෙදාහැරීමේ කුවිතාන්සිය තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ගෙන්වා ගැනීමට ද සැලසුම් කර ඇත.
මෙතරම් විශාල පත්වීම් ලිපි ප්‍රමාණයක් කිසිඳු උත්සව සංවිධානයකින් තොරව තැපැල් මඟින් රැකියා අපේක්ෂකයන් වෙත යොමු කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන අතර ඒ අනුව ඉදිරි දින කිහිපයේ ඔවුන්ට රැකියා අවස්ථාව උදාවෙයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වීම් බලධරයා වන අතර පත්වීම ලැබී දින 3ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කළයුතු බවද ලිපිය ලැබී දින 7ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළොත් පත්වීම අවලංගු වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000 ක දීමනාවක් හිමිවන අතර පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 5ක් සේවය කිරීම ද අනිවාර්ය වේ. ඒ අනුව මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින 110 ට අඩු කාලයකින් මෙවැනි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෑම පාර්ශවයකම ප්‍රසාදය හිමිව තිබේ.
රට වෙනුවෙන් වැඩකිරීමේ සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායකකර ගැනීම මෙහි අරමුණ වී තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වැඩසටහන සැලසුම් කොට ක්‍රියාත්මක කෙරේ. රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතු අතර එදිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය. අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු සහ පූර්වාසන්න වසර 03 කාල සීමාව තුළ රැකියාවක නිරත නොවූවකු විය යුතුය.
