අද (02) දින මධ්‍යම රාත්රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවන බව රජයේ ආරංචි මාර්ග තහවුරු කර සිටියි.
මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මේ වන විට ලැබී ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග තහවුරු කර සිටියි.
ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටින්නේ අදාළ ගැසට් නිවේදනයෙන් මැතිවරණය පැවැත්වීස සඳහා යෝජනා කර ඇත්තේ අප්‍රේල් 25 වන දින බවයි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් මහසැතිවරණය පැවැත්වීමට අවශ්‍ය දිනය එකම ගැසට් පත්‍රයේ සඳහන් කරනු ඇත.
එසේම, තෝරා පත් කර ගැනීමට නියමිත 9වැනි පාර්ලිමේන්තුව මැයි මස පළමු සතියේ රැස්වීමට ද නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර සිටියි.
