රුහුණු විශ්වවිද්‍යාලයේ ඇති වී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා, ශිෂ්‍ය මර්දනයට එරෙහිව ආදී ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිට කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් මෙම සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා.
සිසුන්ගේ මෙම ක්‍රියාවලිය මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් වන බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
ඒ අනුව අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මහජනයාට අවහිර වන ආකාරයට සත්‍යග්‍රහක නිරත වීමේ චෝදනාවට සැකකරුවන් ඊයේ (01) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 ක් මාර්තු මස 16 දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.
අද දින සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. වරදේ බරපතළ කම සලකා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරන ලදි.
ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.
