Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

අගමැති මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ජනතා අවශ්‍යතාවය වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් බවත් පැවසු ඒ මහතා, වත්මන් පාර්ලිමේන්තුව එකතු කර ගත් පාර්ලිමේන්තුවක් බවත් සඳහන් කළේ ය.

Giraya News Alerts

රටට ද ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව පැවසු මන්ත්‍රීවරයා, ඒ සඳහා පළමු අවස්ථාවේ දිම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

තුනෙන් දෙකක් ලබා ගත හැකි ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ ගැටුම් නිසාවෙන් එය එතරම් අපහසු නැතැයි ද පැවසීය. අද වන විට එක්සත් ජාතික පක්ෂය දෙකඩ බෙදී ඇතැයි ද පැවසු ඒ මහතා මේ රටේ බහුතරයක් ජනතාව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වතාවේ මහමැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වු අතර දැනටත් කුරුණෑගලින්ම ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය‍.

හොරණ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top