Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කෝමාරිකා වගාවෙන් විල්පත්තුවට හානියක් නැහැ… ගොවියෝ උද්ඝෝෂණයේ

පසුගියදා (28) සවස පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රාජාංගණය මංසන්ධියේ ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුනා. ඒ ඔවුන්ගේ ගම්මාන වල අරඹා ඇති කෝමාරිකා වගා ව්‍යපෘතිය කඩා කප්පල් කිරීමට විවිධ පිරස් දරන උත්සාහය නවතා දමා එම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස ඉල්ලීම් කරමින්ය.

මාර්ගයේ අවහිරතාවය අවම කරන්නට රාජාංගණය පොලිසිය ගත් උත්සාහය අසාර්ථක වුනා. පසුව එම ස්ථානාධිපතිවරයා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගනිමින් උද්ඝෝෂණ කරුවන් කිහිප දෙනකු හා කථා කිරීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් එයින් සෑහීමකට පත් වී නැහැ.

පසුව මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගමේ හිමිකරු පැමිණ ලබා දුන් පොරොන්දු සහ ඉල්ලීම් වලට එකඟ වූ පිරිස විරෝධතාව අතහැර දමා තිබෙනවා.

Giraya News Alerts

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, ඉතා සුළු පිරිසක් පටු දේශපාලන අරමුණු මත ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් මේ වැඩසටහන නවතා දමන්නට උත්සාහ කරන බවයි.

පසුගියදා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ප්‍රදේශයට වැඩම කල පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ මෙහි වැඩකටයුතු සිදු කිරීමේදී විල්පත්තු අභය භූමියේ ප්‍රේරණ කලාපයට හානි වන බව පවසා වැරදි මතයක් ජනමාධ්‍ය හරහා සමාජගත කිරීමට උත්සාහ දරන බවයි ගොවීන් පවසන්නේ.

මෙහිදී විල්පත්තු අභය භූමි කලාපයට කිසිදු හානියක් සිදු කර නොමැති බවත් තමන්ට ඔප්පු හිමි ඉඩම්තුල මෙම කෝමාරිකා වගාව සිදුකරන බවත් ඔවුන් පැවසුවා.

එක් ගොවියෙක්ට මාසයකට ලක්ෂ තුනක පමණ ආදායමක් ලැබිය හැකි මෙම ව්‍යාපෘතිය හරහා කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම ප්‍රදේශයේ යටිතල අපහසුකම් රාශියක් සංවර්ධනය වෙමින් පවතතින බව උද්ඝෝෂකයන් පෙන්වා දෙයි.

පරිසර වේදින් හා ඇතැම් මාධ්‍ය, විවිධ පුද්ගලයින් කරුණු හරි හැටි අවබෝධකර නොගෙන විවිධ දුර්මත පළ කරන බවත් මෙය නවතා දැමීමට කටයුතු කළහොත්
ප්‍රදේශයේ ජනතාවට විශාල පාඩුවක් සිදුවනවා මෙන්ම විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට අහිමි වන බවත් විරෝධතාකරුවන්ගේ අදහසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top