දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට ඉහළ යමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ දකුණු කොරියාවේ මේ වන විට සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් 19 නව කොරෝනා වෛරසයයි.
දකුණු කොරියාවේ සිට පැමිණ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබීම හේතුවෙන් ඔවුන්ව මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කෙරුණු ඉතාලියේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.
